ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගේ ධුර කාලය තුළ, ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

නිශාන්ත වික්‍රමසිංහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා වනවා.