සමගි ජන බලවේගයේ පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව ක්‍රියා නොකිරීම හේතුවෙන් දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයින් 06 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව,
* සුසිල් හේරත්
* අනිල් ඉන්ද්‍රජිත් දසනායක
* ධනංජය සම්පත් කරදගොල්ල
* ප්‍රියරංජන කුමාර රත්නායක
* කුසුමා කුමාරි
* ක්‍රිෂාන්ති දිල්රුක්ෂි ප්‍රේමරත්න
යන අයගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙන බවයි සඳහන් වන්නේ.
