ලොතරැයි මණ්ඩලයට අයත් ලැප්ටොප් පරිගණකයක් හා ජංගම දුරකථනයක් ඇතුළු භාණ්ඩ ප්‍රමාණයක් සාපරාධී සාවද්‍ය පරිහරණය සිදු කළ බවට චෝදනා ලැබූ ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඔහු අද (13) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
