රථවාහන අනතුරු වළක්වා ගැනීමේ අරමුණින් ඇමරිකාවේ නිෂ්පාදිත නව තාක්ෂණයෙන් යුත් Speed Gun ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබා දී තිබෙනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, අධ්යක්ෂ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නිලධාරී මනෝජ් රණවල මහතා සඳහන් කළේ, රාත්‍රී කාලයේදී ඉතා සාර්ථක ලෙස භාවිතා කළ හැකි මෙම උපාංගය කිලෝමීටර් එකයි මීටර් දෙසීයක් දුරින් වුවද මෝටර් රථයක් ග්‍රහණය කරගැනීමට හැකියාව පවතින බවයි.
