පාර්ලිමේන්තු සැසිවාරය
මල්වාන කියපුවාම, වෙනදා අපිට මතක් වෙන්නේ පැණි රඹුටන්. අද අපිට මතක් වෙන්නේ අයිතිකාරයෙක් නැති මාලිගාවක්. කළුතර මැංගුස් වලට ප්‍රසිද්ධයි. අද මැංගුස් වලට කලින් මතක් වෙනවා ජනතා දේපළ කඩා වඩා දේශපාලඥයෙක්. බදුල්ල කියපුවහම පුදබිමක් මතක් වෙනවා. අද අපිට මතක් වෙනවා අහිංසක ගුරුවරයෙක් දණ ගස්සපු ත්‍රාඩ දේශපාලනඥයෝ. ඒගොල්ලොන්ගෙන් තමා මේ පාර්ලිමේන්තුව පිරිලා තිබ්බේ. අදත් එනවා චණ්ඩි පාට් දාන්න. අපි බය වෙන්න ඕනෙද? අපි අපේ පපුව පුරෝගෙන තියෙන්නේ මේ රටේ අහිංසක ජනතාවගේ අපේක්ෂාවෙන්. ඒ නිසා අපි බය නෑ. අපි බය නම් අපි මේ දේශපාලනේ තෝර ගන්නෙත් නෑ. ඒ නිසා අපි මේ ත්‍රාඩ දූෂිත දේශපාලනඥයන්ට කියනවා අපේ මනුස්සකම නිවටකමක් විදිහට දකින්න එපා. අපේ ඉවසීම නිවටකමක් විදිහට දකින්න එපා.
පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>