නලින් බණ්ඩාර

දැන් මේ රජය ඉතුරු කිරීම් මත රඳවා ගැනීමේ බද්ද සීයට පහේ සිට සීයට දහයට වැඩි කරලා තියෙනවා. එතකොට වාර්ෂිකව බදු සීමාව ලක්ෂ පහළවට එහා නම් තමයි ඒක බද්දක් බවට වෙන්නේ. හැබැයි බැංකුවෙන් රුපියල් දහ පහළොස් දාහක් වාර්ෂිකව පොලියට එකතු වෙන කෙනාගෙනුත් සීයට දහයක් ගන්නවා. ඒ කියන්නේ රුපියල් පහළොස්දාහක් නම් පොලී එකතු වෙන්නේ එයාගෙන් රුපියල් එක්දාස් පන්සීයක් ගන්නවා. ලක්ෂ එකහමාරක් නම් මාසෙකට පොලිය එකතු වෙන්නේ ඒගොල්ලන්ගෙන් රුපියල් පහළොස්දාහක් අයකර ගන්නවා. ඉතින් මේක නැවත ඒගොල්ලන්ට අය කරගන්න නම් ඒගොල්ලන්ට සිද්ධ වෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඒ තමන්ගේ ලිපිගොනු ඉදිරිපත් කරලා තමන්ගේ බද්ද පිළිබඳව ඒ අවශ්‍ය ලේඛන ඉදිරිපත් කරලා ඒ මුදල නැවත ලබාගන්න සිද්ධ වෙනවා. ඉතින් මේක ඉතාම බැරෑරුම් කාර්යභාරයක්.

නලින් බණ්ඩාර නලින් බණ්ඩාර මාධ්‍යට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>