අමාත්‍ය නලින්ද ජයතිස්ස

ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපේ රටේ ඩොලර් උත්පාදනයේ ප්‍රධානතම ක්ෂේත්‍රයක් තමයි, විදෙස්ගත ප්‍රේෂණ. එතනදී කොරියාවේ දැනට සේවය කරන විසි අටදාහක්, තිස්දාහක් අතර ප්‍රමාණයක විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට ලබාදෙන මුදල් අතිශය වැදගත්. ඒ සඳහා රජය මැදිහත් වෙලා, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් මැදිහත් වෙලා යම් නිත්‍යානුකුල ක්‍රමවේදයක් මෙතෙක් දියත් කරමින් සිටියා. ඒක තමයි, E9 වීසා ක්‍රියාවලිය.

නමුත් මේ E8 කියලා කියන්නේ විදේශ සේවා නියුක්ති කර්යන්ශයවත් දන්නේ නැති, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගිවිසුමකට ලක් නොවුණු අනීතික ක්‍රියාවලියක්. එතකොට අනීතික ක්‍රියාවලියක් නිත්‍යානුකුල කරන්න රජයට බැහැ. මොකද මේ E8 එක නිත්‍යානුකුල කළොත් එහෙම අපිට E9 එකත් නැති වෙන තත්වයක් තියෙන්නේ.

අමාත්‍ය නලින්ද ජයතිස්ස දක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>