පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

කොළඹ නගරය කොහෙවත් ගං වතුරෙන් යට වෙලා නෑ. යට වෙලා තියෙන්නේ කොළඹ නගරයෙන් පිට පළාත්. අපි දන්නවා ගඟේ ජල මට්ටම ඉහළ යන කොට ගඟට එන ඇළ මාර්ග හරහා ඒ ගඟේ වැඩි ජලය රට ඇතුළට ඇවිල්ලා රට තුළ ගංවතුර තත්වයන් ඇති වෙනවා.

අපි උමං මාර්ග හරහා කොටසක් මුහුදට ගෙනියන්නත්, ඒ වගේම අපි පොම්පාගාර තුනක් ඇති කළා. එතකොට ගඟේ ජල මට්ටම ඇලවල් හරහා මේ පොම්ප කරන්න පුළුවන්. හැබැයි මේ ව්‍යාපෘති හයයි කළේ. ව්‍යාපෘති 15ක් තිබුණා. ඉතුරු ව්‍යාපෘති නවය මේ අවුරුදු පහටම ක්‍රියාත්මක කරලා නැහැ.

මේක ගෝලීය, දේශගුණික විපර්යාස වලින් එන දෙයක්. ඒ වැස්ස නවත්තන්න අපිට විද්‍යානුකූලවවත් ක්‍රමයක් නැහැ. කාලගුණ දෙපාර්තමේන්තුව දැන ගන්න ඕනේ නිවැරදි අනාවැකියක් කරලා මිනිස්සු ඉවත් කරගන්න. පාරිසරික ව්‍යවසනයන් වලට ඔරොත්තු දෙන විදිහට ලංකාව දූපත් රාජ්‍යයක් හැටියට මීට වඩා බලගතු විදිහට ක්‍රියා කරන්න ඕන.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>