ත්‍රිකුණාමල වරායෙන් අක්කර 33,000 ක භූමියක් අමෙරිකාවට බදුදීමේ සූදානමක් ඇති බව දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසනවා.

ඒ, පෙරේදා (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින්.

චීනයට හම්බන්තොට වරාය ලබාදුන් ආකාරයටම අමෙරිකාවට ත්‍රිකුණාමලය වරාය දීමට සැලසුම් කරඇති බවයි ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ,

“චීනෙට හම්බන්තොට වරාය දුන්නා වගේ අමෙරිකාවට ත්‍රිකුණාමලය වරාය දෙන්න දැන් සැලසුම් සකස් කරලා කැබිනට් පත්‍රිකාව සකස් කරලා තියනවා. මොකද මේ ගොල්ලෝ විකුණන්න ඕන වුණාම හරි පහසුවෙන එක විකිණීම සඳහා පාවිච්චි කරන නම තමයි ආයෝජනය සඳහා අපි දෙනවලු එදා එම්.සී.සී. ගිවිසුම ගෙනල්ලා ත්‍රිකුණාමල වරාය ඇතුළු ප්‍රදේශවල සිට මේ පැත්තෙන් මීගමුව දක්වා වූ ප්‍රදේශයත් එම්.සී.සී. එක හරහා වෙනම කොරිඩෝවක් හදනවා කියලා කිව්ව එකේ දැන් පියවරෙන් පියවර සම්පූර්ණ කිරීම සඳහා කටයුතු කර තියෙනවා. ඒකට අපේ රටේ කැබිනට් මණ්ඩලය පහසුකම් සපයන්නන් බවට පත්වෙලා තියනවා.

ත්‍රිකුණාමල වරාය එහි පිරිපහදුවක් හදන්න තෙල් ටැංකි ටික සහිත වරායත් එක්ක අක්කර 33,000 ක් දෙනකොට කොරිඩෝවේම මැද කැල්ලක්වෙන කෙරවලපිටියේ බලාගාරය එල් එන් ජී බලාගාරයක් බවට පත් කරන්න අමෙරිකානු සමාගමට 40 % ක් දෙන්න මේ වෙනකොට සැලසුම් සකස් කරලා තියනවා. ඒ වගේම එතනින් ගියාට පස්සේ නොරොච්චෝලේ තාප බලාගාරයත් එල්.එන්.ජී බලාගාරයක් බවට පත් කරන්න අවශ්‍යය කරන සැලසුම දැන් සකච්ඡා කරමින් ඉන්නවා එකත් අර අමෙරිකානු සමාගමටම දුන්නාම ආන්න කොරිඩෝව දිගටම හැදෙනවා නෑ කියපු එම්.සී.සී. අත්සන් නොකරම අමෙරිකාව කන මිරිකන්නෙත් නෑ ටොකු අනින්නෙත් නෑ කැබිනට් පත්‍රිකා දාලා ජාතික සම්පත් විකුණන වැඩේ කරමින් ඉන්නවා. ආණ්ඩුව වහාම ජාතික සම්පත් විකුණන්න දාලා තියන පනත් කැබිනට් පත්‍රිකා වහාම අකුල ගන්න.”