අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස.

අමෙරිකාව පනවා ඇති 30% තීරු බද්ද පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට රජය කටයුතු කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මෙම සාකච්ඡා තුළින් ශ්‍රී ලංකාවට ආර්ථික සහන ලබා ගැනීමට අපේක්ෂා කරන අතර, ලෝකය පිළිගත් ක්‍රමවේදයකට අනුව මෙය සිදුවන බවද ඔහු සඳහන් කළේය.