ප්රජාතන්ත්රවාදය තුළ ජනතාවට විරෝධය පළ කිරීමට, උද්ඝෝෂණය කිරීමට සහ අදහස් ප්රකාශ කිරීමට උපරිම නිදහස ලබාදිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රකාශ කරන ලදී. අකුරැස්සේ පැවති “අපේ ආණ්ඩුව - වසර දෙකයි, රටට සුබයි” මහා රැළිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ මාධ්යයට ද අදහස් ප්රකාශ කිරීමට සහ තොරතුරු පළ කිරීමට අවශ්ය...

