පාර්ලිමේන්තුවේ අද (21) පැවති සැසිවාරයේදී සූර්ය බලශක්ති ව්‍යාපෘති සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වය සහ විපක්ෂය අතර සංවාදයක් ඇති විය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සඳහන් කළේ, පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 3,000ක් පමණ නිෂ්පාදනය කළද, බැටරි බලශක්ති ගබඩා පද්ධති (Battery Energy Storage Systems) සම්බන්ධ සැලසුම් ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක...

