ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ඊයේ දින (30) ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වී, එල්නිනෝ දේශගුණික තත්ත්වයට මුහුණ දීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ ආපදා කළමනාකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ තීරණ රැසක් ගෙන තිබේ. එහිදී එල්නිනෝ තත්ත්වයෙන් කෘෂිකර්මාන්තය, පානීය ජල සැපයුම සහ බලශක්ති උත්පාදනයට ඇති විය හැකි බලපෑම්...

