රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා – අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් – 20.03.2026

රජයේ කටයුතු අඛණ්ඩව ගලා යාම සඳහා අවශ්‍ය පියවරයන් මේ වන විට රැගෙන ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කරන ලද්දේ අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. රාජ්‍ය සේවය විධිමත් කිරීමට අදාළ කමිටුව අද රැස් වූ බවද...