මැදපෙරදිග යුදමය තත්ත්වයත් සමඟ ජනතාව කලබලයට පත්වීම නිසා ඉන්ධන පරිභෝජනයේ වැඩිවීමක් සිදුව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසන ලද්දේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. ඒ හේතුවෙන්, මාර්තු මස මැද වන තෙක් භාවිත කිරීමට තිබූ ඉන්ධන මේ වන විට තිබෙන්නේ ජනතාව සතුව බවත්, අඩුවට...

