2026 වර්ෂයේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඉහළම කඩඉම් ලකුණු සීමාව ලෙස ලකුණු 174ක් වාර්තා වන්නේ කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වීම සඳහාය.

සිංහල මාධ්‍ය බාලිකා පාසල් අතරින් වැඩිම කඩඉම් ලකුණු සීමාව කොළඹ විශාඛා විද්‍යාලය සඳහා සටහන් වී ඇති අතර එම ලකුණු සංඛ්‍යාව 173කි. සිංහල සහ දෙමළ මාධ්‍ය බාලක, බාලිකා සහ මිශ්‍ර පාසල් සඳහා වන කඩඉම් ලකුණු ලැයිස්තු මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

මීට අමතරව, මෙවර විභාගයට පෙනී සිටි සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා ඇති ප්‍රතිශතය 73.45%ක් බවද වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව BBC වාර්තාවෙන් උපුටා ගන්නා ලද සියළු පාසල් සඳහා නිකුත් කර ඇති කඩඉම් ලකුණු පහතින් දක්වා ඇත.