හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත නාවික ගමනාගමන මාර්ගයක් විවෘත කර ගැනීම සම්බන්ධයෙන් ඕමානය සහ ඉරානය අතර සාකච්ඡා පවත්වා තිබේ. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චිගේ ඕමාන සංචාරය අතරතුර මෙම සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.
ද්වීපාර්ශ්වීය අවබෝධය වැඩිදියුණු කර ගැනීම තුළින් කලාපීය අර්බුදකාරී වාතාවරණය තවදුරටත් තියුණු නොවීමට වගබලා ගැනීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමුවී ඇති බව ඕමානය පවසයි.
