2026 මුදල් වර්ෂය සඳහා රජයේ සමස්ත වියදම රු. බිලියන 4,434ක් වන අතර, ඉහළම කොටස රු. බිලියන 634ක් මුදල් අමාත්‍යාංශයට වෙන්කර ඇත.

ජනාධිපති වැය ශීර්ෂය රු. බිලියන 11ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2025ට වඩා රු. බිලියන 8ක වැඩිවීමකි.

සංවර්ධන වැඩසටහන් සඳහා රු. බිලියන 8.29ක් වෙන්කිරීමත් මෙයට හේතු වී ඇත.

තවත් වෙන්කිරීම් අතර,
පළාත් සභා අමාත්‍යාංශයට රු. බිලියන 618ක්,
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට රු. බිලියන 596ක්,
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට රු. බිලියන 554ක්,
ආරක්ෂක අමාත්‍යාංශයට රු. බිලියන 455ක්,
අධ්‍යාපන අමාත්‍යාංශයට රු. බිලියන 301ක්,
වෙන්කර ඇත.

විශ්‍රාම වැටුප් සඳහා රු. බිලියන 488ක් වෙන්කර ඇති අතර, 2026 අයවැය පළමුවර කියවීම සැප්තැම්බර් 26දා සහ දෙවැනි කියවීම නොවැම්බර් 7දා සිදුකෙරෙනු ඇත.