ජනාධිපති අනුර කුමාර දිසානායක
වංචනිකයන්ට, දූෂිතයන්ට දඬුවම් දීම නාටකයක් නෙවෙයි. දෙදාස් පහළවේ ඒක නාටකයක් වුණා. ෆයිල් අරගෙන යනවා. වොයිස් කට් දෙනවා. දූෂිතයත් අල්ලස් කොමිසමට යනවා. එළියට ඇවිල්ලා වොයිස් කට් දෙනවා. ඕකයි එදා සිද්ධ වුණේ. අද ගොඩක් සිද්ධ වෙනවා වොයිස් කට් නෑ. ෆයිල් විශාල ප්රමාණයක් වැහිලා තිබුණා. ඒවා නැවත විවෘත කිරීම සඳහා අපි උපදෙස් ලබා දීලා තිබෙනවා. ඊට අදාළ වෙන දක්ෂ නිලධාරීන් අපි පත් කරලා තිබෙනවා.
පහුගිය දවස්වල ඉහළ පෙළේ නිලධාරීන් ඉලක්ක කරගෙන ප්රහාරයක් දියත් කරලා තියෙනවා. ඒගොල්ලෝ කලබල වෙන්න ඕනා. හැබැයි අපි කලබල වෙන්නේ නැතුව මේ හැම දෙයක්ම පියවරෙන් පියවර ඉදිරියට ගෙනියනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක හොරු ඇල්ලීම පිළිබඳව ජනපති සිදුකළ ප්රකාශය…