හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හට කොළඹ මහාධිකරණ විසින් වසර 3ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබෙනවා.

එලෙස සිර දඬුවම් නියම කර ඇත්තේ පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් පැවති නඩුවට අදාළ චෝදනා 18කට කොළඹ මහාධිකරණය විසින් ඇයව වරදකරු කිරීමෙන් අනතුරුව බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

ඒ, පසුගිය 2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමිනි. මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ඉදිරිපත් කර තිබු අතර ඒ සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රී තුමියගේ අධාරකරුවන් 8 දෙනෙකු මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබුණා.

ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රව වරදකරු කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම දඬුවම නියම කරණු ලැබුවා.