ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙන් ලියාපදිංචි වූ වාහන සම්බන්ධව සිදු කෙරෙන විමර්ශනයක් යටතේ ටොයෝටා වර්ගයේ ජීප් රථයකට අදාළ අංක තහඩුව නිකුත් කිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සහ ඊට අදාළව අනීතිකව දත්ත ඇතුළත් කිරීමට අවස්ථාව සලසාදීම සහ අදාළ දත්ත ඇතුළත් කිරීම සම්බන්ධව බ්‍රහ්මණ වාසල ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම (සහකාර අධ්‍යක්ෂ, තොරතුරු තාක්ෂණ – විශ්‍රාමික) සහ අත්තරගම ගෙදර ධම්මික නිරෝශන් (ලිපිකරු) යන තිදෙනා 2025.07.01 වන දින කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
