හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා, 1986 අංක 04 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ අනුව, ඊට අදාළ “ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත” නීතිපතිගේ නිෂ්කාශනයෙන් පසු සකස් කර ඇති අතර, එය ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන්පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
