පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර

හැත්ත දෙකේ නීතිය යටතේ රජයට පවරා ගත්ත ඉඩම් අක්කර පනහක් නැවත ප්‍රතිපූර්ණය කරා. රුපියල් පන්දාහක්වත් වටින්නේ නැති පර්චසයක් වෙනුවෙන්, පර්චසයක් රුපියල් ලක්ෂ හැටකටවත් ගන්න බැරි ඉඩම් ලබා දීමක් සිදු කෙරෙනවා. රටේ ජනතාවට තුන් වේල කන්න ආදායමක් නෑ. මේ වගේ වෙලාවක කෝටි ගණන් වටිනා ඉඩම් මංකොල්ල කනවා. රාජ්‍ය දේපළ මේ විදිහට අයථා පරිහරණය කරන්න දෙන්න බෑ.

හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු LRC ලොක්කන් එක්ක හවුලේ වන සංරක්ෂණයට අයත් ඉඩම් ජාවාරමක් සිදු කර ඇති බවට චෝදනා කරමින් සමගි ජන සන්ධානයේ පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා විසින් ඊයේ දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමු කළේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>