රුසියානු ප්‍රහාරයකින් යුක්රේනයේ ඩ්නිප්‍රොපෙත්‍රොව්ස්ක් ප්‍රදේශයේ ලක්ෂ හයකට වැඩි පිරිසකට විදුලිය අහිමි වූ බව එරට DTEK විදුලි සමාගම නොවැම්බර් 8 වැනිදා ප්‍රකාශ කළේය.

යුක්රේන ආරක්ෂක කර්මාන්තයට විදුලිය සපයන උපපොළ දෙකකට සහ හමුදා භාණ්ඩ ප්‍රවාහනය කළ බව කියන භාණ්ඩ නෞකා තුනකට පහරදුන් බව රුසියාව සඳහන් කර ඇත. එම රුසියානු ප්‍රකාශ ස්වාධීනව තහවුරු කළ නොහැකි බව Reuters පවසයි.

ඇමෙරිකාව, රුසියාව සහ යුක්රේනය අතර නොවැම්බර් 10 සහ 11 දිනවල අබුඩාබිහිදී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති පසුබිමක මෙම ප්‍රහාර වාර්තා වී තිබේ.

යුද්ධය අවසන් කිරීම, ආරක්ෂක විධිවිධාන සහ ගැටුම් අවම කිරීම සාකච්ඡාවලට ඇතුළත් කිරීමට නියමිතය.