පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

අපේ පක්ෂයේ නොවන වෙනත් අය ආණ්ඩුව නියෝජනය කරලා සිටි පාර්ශවයන් කිහිපයක් අපි සමඟ සාකච්ඡා කරමින් එකතු වෙලාත් තිබෙනවා. ඒ වගේම තීරණාත්මක අවස්ථාව, ඒ කියන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පසුව ආණ්ඩුවෙන් තවත් කොටසක් විපක්ෂයට ඇවිල්ලා සහයෝගය දෙන්න දැනටත් සාකච්ඡා තිබෙනවා.

ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ කණ්ඩායමේ කොටසක් සමගි ජන බලවේගය සමඟ අත්වැල් බැඳගත්තා. ඒ කියන්නේ සන්ධානගත වීමක් සිදු වුණා. ඒත් එක්කම දයාසිරි ජයසේකර මැතිතුමාත් එහෙමයි. එතුමාත් ඇත්තටම තව කණ්ඩායමකුත් සමඟ සන්ධානගත වීම වෙනුවෙන් අදහස් හුවමාරු කරගනිමින් ඉන්නේ. මට කියන්න පුළුවන් ඒ සියලු සාකච්ඡා අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවයි කියලා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>