මනුෂ නානායක්කාර
රට වැටුන වෙලේ සජිත් ප්‍රේමදාසට රටේ වගකීම භාරගන්න කිව්වහම භාරගන්න බැරි වුණා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ආරාධනා කරා සජිත් ප්‍රේමදාසට අගමැතිවරයා වෙලා මිනිස්සු අමාරුවේ වැටිච්ච වෙලාවේ, මිනිස්සු දුක් විඳපු වෙලාවේ වගකීම භාර අරගෙන මේක ගොඩනගන්න කියලා. සජිත්ට ඒක කරන්න බැරි වුණා. ඒ නිසා තමයි අපි තීන්දුවක් ගත්තේ ඒ වගකීම් භාර ගන්න බැරි නායකයත් එක්ක ඉන්න එක නෙවෙයි මේ දුක් විඳින ජනතාව වෙනුවෙන් තිරණයක් අරගෙන තෙල්, ගෑස්, බෙහෙත් ටික දෙන්න ඕනේ කියලා අද ඒවා හම්බවෙලා තියෙන්නේ අපි මේ රටට ඩොලර් ගෙනාපු නිසා.
අමාරු වෙලාවේ මිනිස්සු වෙනුවෙන් රට භාරගන්න බැහැ කියලා දාලා ගියපු අය පාර්ලිමෙන්තුවේ ඉන්න ඔනේද ? රටේ ජනතාව එක තිරණය කරයි.
මනුෂ නානායක්කාර මාධ්‍යට දැක්වූ අදහස්…