අනුරාධ තෙන්නකෝන් මහතා

වෙළඳ අමාත්‍යවරයා බලන්නේ හැම බඩුවක්ම පිටරටින් ගෙනල්ලා තමන්ගේ කොමිස් කුට්ටිය තර කරගන්න. වෙළඳ අමාත්‍යවරයා ඓතිහාසික භූමිකාව අපි දන්නවනේ. සතොසේ ඉන්නකොට හිරේ හිටපු විදිහත් දන්නවානේ. ඒ සුද්දවන්තකමත් දන්නවා. ඒ නිසා බෝධිසත්වයෙක් නෙමෙයිනේ.

උත්සව සමයට කියලා මුළු අවුරුද්ද පුරා ම බඩු ගෙන්වනවා. බිත්තර ගෙන්නුවෙත් උත්සව සමයට කියලනේ. දැන් මුළු අවුරුද්ද පුරා ම බිත්තර ගෙන්නනවා. එතකොට මේ රටේ කෘෂි නිෂ්පාදන ආර්ථිකය බිඳ වට්ටලා, ගොවියව නැත්තට නැති කරලා, මේ රට පිටරටින් ගෙන්නන හැම දේකින්ම යැපෙන රටක් බවට පත්වෙලා. ඒ පිටරටින් ගෙන්නන හැම භාණ්ඩයකින්ම, අත යට කොමිස් ගන්න දේශපාලන ක්‍රමවේදයක් සහ ඇමතිවරු ඉන්න රටක්. ජනාධිපතිවරයාත් කසාය බීපු ගොලුවෙක් වගේ පාරිභෝගිකයන්ට කන්ඩ දෙන්න ඕනේ කියලා කරන්නේ ඡන්දෙට සල්ලි එකතු කරන එක.

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>