සංඛ චන්දිම අබේවර්ධන.
රනිල්, රාජපක්ෂ ආණ්ඩුවේ ආදානි ව්‍යාපෘතියට විරුද්ධව තහනම් නියෝගයක් ගන්න උසාවියේ නඩු පැවරීමක් කරා. දැන් නඩු පැවරීම අතරතුරේ, මේ අවුරුද්දේ මුල, මේ දූෂිත බොරුකාර ආණ්ඩුව අපිට කිව්වා, මේ ගිවිසුම් ප්‍රකාරව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ නැහැයි කියලා. නමුත් අද වෙනතුරු මේ තක්කඩි ආණ්ඩුව, මේ බොරුකාර ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා, උසාවියට ලිඛිතව මේ තීරණය දැනුම් දෙන්න. ඒගොල්ලෝ ගිවිසුම ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා කටින් කිව්වට, රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයෙන් ගත්ත තීරණය අද වෙනතුරු බලාත්මකයි. දැන් අපිට කියන්න තියෙන්නේ, ආරක්ෂක ලේකම්වරයා දැන හෝ නොදැන අත්සන් කරපු තක්කඩි ආරක්ෂක ගිවිසුමත්, ඉන්දියාවේ බලශක්ති පද්ධතියට ලංකාවේ බලශක්ති පද්ධතිය පාවලා දෙන ගිවිසුමත් එලි වෙලා කියලා. ඉතින් අපි ආණ්ඩුවට කියන්න කැමතියි. වෙන බයිලා කියන්නේ නැතුව දැන් ගල් අඟුරු ඩීසල් සහ අදානි මාෆියාවට මේ රට පාවලා දෙන එක නවත්තන්න. අපි හිතනවා අනුර කුමාර දිසානායක මහත්මයාටත් මේ ආණ්ඩුවේ ගල් අඟුරු පියාටත්, එතකොට බලශක්ති ඇමතිවරයාටත් මේ අදානි ව්‍යාපෘතියට ඉඩ දෙන එකක් නෑ කියලා.
වැඩිදුර විස්තර සඳහා>>>>>>>