අමෙරිකානු අත්අඩංගුවට පත් වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ මෙට්‍රොපොලිටන්හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් තිබෙනවා.
අමෙරිකානු හමුදා මෙහෙයුමක් මඟින් එරටින් පිටුවහල් කර මුලින්ම අමෙරිකානු හමුදා කඳවුරකට රැගෙන ආ මදුරෝව, පසුව නිව්යෝර්ක්හි මත්ද්‍රව්‍ය මර්දන ඒජන්සියේ (DEA) කාර්යාල වෙත ඉදිරිපත් කළ අතර, එහිදී ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම්, ත්‍රස්තවාදය සහ නීති විරෝධී අවි ආයුධ සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කර ඇත.
මේ අතර වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එරට උප ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස්ට නියෝගයක් නිකුත් කර ඇති අතර, අමෙරිකානු හමුදා මෙහෙයුමක් මඟින් රටින් පිටුවහල් කළ නිකොලොස් මධුරෝ නොමැති නිසා උප ජනාධිපතිවරිය විසින් එරට වැඩබලන ජනාධිපති ධුරය භාරගත යුතු ලෙසට මෙයින් නියෝග කර තිබෙනවා.
වෙනිසියුලාව තුළ එක්සත් ජනපදය දියත් කර ඇති හමුදා ක්‍රියාන්විතය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සිය දැඩි කනස්සල්ල පළ කර ඇති අතර, මෙය සමස්ත කලාපය කෙරෙහිම අහිතකර බලපෑම් එල්ල කළ හැකි ක්‍රියාවක් බව ඔහු සඳහන් කර ඇත.






