විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටු කිරීමේදී තවදුරටත් කිසිදු විවාදයකට ඉඩක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
එමෙන්ම, විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළ සඳහා “රටම එකට ජාතික මෙහෙයුම” ක්‍රියාත්මක කෙරෙන අතර පුළුල් ප්‍රචාරක ක්‍රියාවලියක් ඔස්සේ විෂ මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ජනාධිපති කාර්යාලයේ පැවති හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ඒ සඳහා ජාතික මෙහෙයුම් සභාවක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.






