ජනාධිපති අනුර කුමාර දිසානායක
ඔය ජනාධිපති මන්දිරයේ තියෙන භූමියේ ඉඩ තියෙනවාලු ඒකේ කාබනික එළවළු වගා කරනවා. කාබනික එළවළු වගා කරලා හැම සිකුරාදාම කිලෝ හැටක් යනවා ජනාධිපති ලේකම් කාර්යාලයට. අපි එන කොටත් ජනාධිපති ලේකම් කාර්යාලයට එළවළු එනවා. මං ඇහුවා මොනවා ද මේ එළවළු කියලා. මේ ගොල්ලොන්ට පිටකොටුවෙන් එළවලු කන්න බෑ. ඒගොල්ලන්ට වෙනම වවන්න ඕනා. වෙනම වවලා හැම සිකුරාදාම කිලෝ හැටක බෑග් දෙකක් එනවා ජනාධිපති ලේකම් කාර්යාලයට. මේගොල්ලෝ රට පාලනය කරන විදිහ මේකයි. පැරදිලත් වාහන අරගෙන යනවා දහයක් පහළොවක්. පැරදිලත් ආරක්ෂාව අරගෙන යනවා තුන්සීයක්, හාරසීයක්. ඒගොල්ලෝ හිතනවා රටේ ජනතාව ඒ අයව නඩත්තු කරන්න ඕන කියලා. එහෙම තමයි ඒගොල්ලෝ හිතාගෙන හිටියේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>