පාර්ලිමේන්තු සැසිවාරය

“ගරු විපක්ෂ නායකතුමා එතුමාගේ කතාවේදී කිව්වා අවුරුදු හැත්තෑ හයක් තිස්සේ අපේ රට ලබා ඇති ජයග්‍රහණ ගැන. මම සතුටු වෙනවා එතුමා අධ්‍යාපනය ගැන විශේෂයෙන් කතා කරන එක ගැන. මොකද අධ්‍යාපනය සහ සෞඛ්‍ය තමයි ලංකාවේ වාමාංශික ව්‍යාපාරය විසින් සටන් කරද්දී අත් නොහැර සටන් කරපු අංශයන් දෙක. ඒ දෙකේ ප්‍රතිඵලයක් ලෙස ජීවිත පූජා කරපු තරුණ ජීවිත තියෙනවා. ඒ වාමාංශික ව්‍යාපාර සටනේ ප්‍රතිඵලයක් ලෙස තමයි අද අධ්‍යාපනය මේ තැනට අපි පවත්වාගෙන යන්න සමත් වෙලා තියෙන්නේ. නිදහස් අධ්‍යාපනය විකුණන්න හදපු හැම නව ලිබරල් ප්‍ප්‍රතිසංස්කරණයකටම විරුද්ධ වෙමින් නිදහස් අධ්‍යාපනයේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කරපු ඉතිහාසයක් අපිට තිබුණා. ඉතින් මම ස්තූතිවන්ත වෙනවා ඒ ඉතිහාසය ගැන එතුමා අවධාරණය කිරීම ගැන.”

පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>