විගණකාධිපති තනතුර සඳහා මෙතෙක් කිසිවෙකුත් පත් නොකිරීම සම්බන්ධයෙන් අද (06) පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යොමු කළ පැනයක් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත.

ඒ අනුව, විගණකාධිපතිවරයා පත් නොකිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ අනුමැතිය ලබා නොදීමට කටයුතු කළ පිරිස් බව සහ සුදුසුකම් සහිත නම් ඒ සඳහා ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කර සිටියා.