ජපානයේ නිෂ්පාදිත වාහන මිල පහළ යෑම නිසා මෙරට තුළ වාහන මිල පහළ යෑමක් ඇති බව වාහන ආනයනකරුවන් පවසනවා.
මෙරට තුළට වාහන විශාල වශයෙන් පැමිණීම හේතුවෙන් ලියාපදිංචි කළ වාහන ද මිල බොහෝ සෙයින් අඩුවී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් සඳහන් කර සිටියේය.
ඒ අනුව, මෙම තත්ත්වයත් සමඟ ඉදිරියේදී වාහන නිසි මිලට පැමිණෙනු ඇති බව ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියා.
මෙලෙස වාහන මිල අඩුවීම හේතුවෙන් වාහනයක් අලුතින් ගැනීමට අවශ්‍ය පිරිස් වාහන විකිණීමට කටයුතු නොකිරීමේ තත්ත්වයක් ඇති බව සහ මෙම තත්ත්වය මත පාඩුවට වාහන විකිණීමට සිදුව ඇති බවද වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් වැඩිදුරටත් ප්‍රකාශ කළා.






