ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් හා අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් රටේ දිස්ත්‍රික්ක ගණනාවක විශාල පිරිසකගේ ජීවිත මෙන්ම දේපළ හානි ද සිදු වූ බව සිය X ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා.
ප්‍රමාද වීමට ඉඩක් නොමැති අතර රජය විසින් ලබාදුන් පොරොන්දු සැබෑ ලෙසම ආධාර ලෙස ලැබෙන බව අධීක්ෂණය කිරීමට හා විවාද කිරීමට පාර්ලිමේන්තුව සෑම සතියකම රැස් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.






