ප්‍රසන්න ගුණසේන.

බිමල් රත්නායක ඇමතිවරයාගෙන් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ඉවත් කර, නාගරික සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධ කිරීමට හේතුව වන්නේ ප්‍රවාහනයට වඩාත් සමීප වන්නේ නාගරික සංවර්ධනය නිසා බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ඉදිරියේදී ප්‍රවාහන අමාත්‍යාංශය හරහා බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඇති කිරීමට බලාපොරොත්තු වන බව සහ ලබන වසර වන විට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 09 ක කටයුතු ආරම්භ කරන බව ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

එලෙස සිදු කරන විට ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කළ හැකි බවද, ඒ සඳහා සත්‍ය වශයෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශයට ඒකාබද්ධ විය යුත්තේ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය බවයි නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.