අමාත්‍ය වසන්ත සමරසිංහ.

අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරන්නේ, තම පවුල තඹුත්තේගම නගරයේ ව්‍යාපාරයක නිරත වී අවුරුදු 20ක පමණ කාලයකින් එය ගොඩනගා ඇති බවයි.

වත්කම් හා බැරකම් තමන් විසින්ම නිශ්චිතව ලියා දුන් බවත්, විශ්වවිද්‍යාලයට යාමට පෙර උපකාරක පන්ති සිදු කළ බවත් ඔහු පැවසීය.

අදාළ ගොඩනැගිල්ලත් තම ඉඩමකම ඇති අතර, තමන්ට අයත් ඉඩම් දෙක මිලියන 225ක වටිනාකමක් ගනී. එම ඉඩමට යාබදව කෝටි 12කට විකිණීමට නියමිත හෝටලයක් තිබෙන බැවින්, තම ඉඩමේ වටිනාකම තවත් ඉහළ යා යුතු බවද ඔහු අවධාරණය කළේය.