පා. ම. පාඨලී චම්පික රණවක

මේ රට ගොඩ ගන්න පුළුවන් කිසිම සැකයක් නෑ. හැබැයි රට ගැන බොරු වර්ණනා කරලා වැඩක් නෑ. අපි හෙන නිධානයක් උඩ ඉන්නේ. මේකට රත්තරන් පොළොවේ වැළලිලා තියෙනවා. මේ රට වටේ මහ මුහුද, දේශගුණික කලාප මෙහෙම තියෙනවා. අරවා මේවා තියෙනවා කියනවා.

මේ රටේ ඔහොම කියන මහා සම්පතක් නෑ. මේ රටේ තියෙන එකම සම්පත තමයි මිනිස් සම්පත. මේ රටේ තරම් උගත් ශ්‍රම බලකායක් මේ කලාපයේ කොහෙවත් නෑ.

ඇඟලුම් කම්හල් දැන් තවදුරටත් හරියන්නෑ. සංචාරක ව්‍යාපාරයෙන්, පිටරට අපේ මිනිස්සු පටවලා තව පොඩ්ඩ දුරයි යන්න තියෙන්නේ. අලුත් ක්‍රමය තමයි තාක්ෂණ සේවා. නිධානේ තියෙන්නේ කකුල් දෙක යට නෙමෙයි ඔළුවේ.

පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්…