අධිවේගී මාර්ග මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව සුඛෝපභෝගී බස් රථ 200 ක් මිලට ගැනීම වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ටෙන්ඩර් කැඳවා තිබේ.
ඒ අනුව, පොදු ප්‍රවාහන සේවය නවීකරණය කරමින්, මගී ජනතාවට වඩාත් සුවපහසු සහ උසස් ප්‍රවාහන සේවාවක් ලබාදීම අරමුණු කර ගනිමින් මෙම බස් රථ ගෙන්වන බව සඳහන් වේ.
පළමු අදියර යටතේ බස් රථ 29 ක් ගෙන්වන අතර, දෙවන අදියර යටතේ බස් රථ 171 ක් ගෙවීමේ පදනම මත ගෙන ඒමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වේ.





