අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව සඳහා පැනවූ තීරුබද්ද 20% ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නව තීරුබද්ද අගෝස්තු මාසයේ සි‍ට ක්‍රියාත්මක වන බවයි සඳහන් වෙන්නේ.

මීට පෙර 44% ක තීරුබද්දක් පැනවීමට කටයුතු කර තිබූ අතර පසුව එය 30% දක්වා අඩු කළ අතර යළිත් සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස අඩු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.