Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා බටලන්ද කොමිෂන් සභාව වාර්තාව සම්බන්ධයෙන් කළ විශේෂ ප්රකාශය.
“එක්දාස් නමසිය අනු හතරෙන් පසුව චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බටලන්ද ප්රදේශයේ වධකාගාරයක් තිබුණේ දැයි සෙවීමට කොමිසමක් දැම්මා. ඊට නොයෙකුත් පුද්ගලයන් කැඳෙව්වා. මම ඒ කැඳෙව්වේ සාක්ෂිකරුවෙක් ලෙස පමණයි. ඒ වන විට මා රටේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කරා. බටලන්ද කොමිසම පත් කළේ සම්පූර්ණ දේශපාලන මඩ ගැසීමක් අරමුණු කරගෙනයි. නමුත් ඒ උත්සාහය සාර්ථක වුණේ නෑ. කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් වෙන වෙනත් කිසිදු කරුණක් මට අදාළ වන්නේ නෑ. ජනතා විමුක්ති පෙරමුණ එක්දාස් නමසිය අසූ අට අනුව කාලයේ කළ ත්රස්තවාදී ක්රියා රාශියක් ගැන කොමිෂන් වාර්තාවේ තීරණ සමාපත්ති නිරීක්ෂණ වල දැක්වෙනවා. එහි පසුබිමත් කියවෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කළ දරුණු ත්රස්ත ක්රියා ගැන කොමිෂන් වාර්තාවේ තුන්වෙනි පරිච්ඡේදයේ දීර්ඝ වශයෙන් කරුණු සඳහන් වෙනවා. මුළු ඉතිහාසයේම එය ඇතුළත් කර තිබෙනවා. ඉහත කරුණු ඇරෙන්න අනික් කිසිම චෝදනාවක් මට අදාළ වන්නේ නෑ. ඒ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරනවා.”
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>