පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

ගෝඨාභය ගෙනල්ලා සජිත්ව පරාජය කරේ කොහොමද? ජාතිවාදය, ආගම්වාදය, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, ඉන්දියානු ව්‍යවස්තාවද ඕවා ගෙනල්ලා.

විමල් වීරවංශ සහෝදරයත් ඉන්දියානු ව්‍යාපෘතිවාදය ගැන ඊයේ පොතකුත් එළිදැක්වූවා වගේ දැක්කා. ඒගොල්ලෝ කියනවා ඉන්දියාවත් එක්ක පාලමකින් බද්ධ කරන්න යනවලු. ඒ වගේම ඉන්ධන නලයකින් බද්ධ කරන්න යනවලු.

මම නම් කියන්නේ බද්ධ වෙන්න ඕන තමයි. මේ හැමදාම අපි මේ දූපත් මානසිකත්වයෙන්, ළිං මැඩි මානසිකත්වයෙන් ඉඳලා හරියන්නේ නෑ. ඉතින් ඒ වගේ ළිං මැඩි මානසිකත්වයෙන් කටයුතු කරන පක්ෂයක් නෙමෙයි සමගි ජන බලවේගය. ඉන්දියාවත් එක්ක බද්ධ වෙන්න ඕනා. ආයෝජන එන්න ඕනා. අදානිලා, අම්බානිලා එන්න ඕනා. තව බිලියනර්ස්ලා ගණනාවක් ඉන්දියාවේ ඉන්නවා. ඉන්දියාවේ ජනගහනයෙන් සියයට එකක් ලංකාවට ගෙන්න ගන්න සේවා ආර්ථිකයක් සපයන්න පුළුවන් වැඩ පිළිවෙලක් හදන්න ඕන.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>