‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (01) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 801 ක් සිදු කර ඇත.
එම වැටලීම්වලදී සැකකරුවන් 803 ක් අත්අඩංගුවටද, පුද්ගලයින් 05 ක් පුනරුත්ථාපනයටද යොමු කළ බව පොලීසිය ප්‍රකාශ කරන ලදී.
හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 254 කින් හෙරොයින් ග්‍රෑම් 215 ක්ද , අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 283 ක් අතරින් අයිස් ග්‍රෑම් 464 ක්ද සොයාගෙන ඇත.
මීට අමතරව, වැටලීම් 195 කින් ගංජා කිලෝග්‍රෑම් 08 යි ග්‍රෑම් 880 ක් හා ගංජා පැළ 2086 ක්ද සොයාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
එම අදාළ සම්පූර්ණ වාර්තාව පහතින් දක්වා ඇත.






