පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ යෞවන සමාජ දැවැන්ත ලෙස දේශපාලනීකරණයට ලක්ව ඇති බවයි.

ඔහුට අනුව, ආණ්ඩුව තම අවශ්‍යතා අනුව පුද්ගලයන් පත්කරමින් සිටින අතර, මෙම තත්ත්වය රටේ ඉහළ තැන්වල සිට ගමේ මරණාධාර සමිතිය දක්වාම පැතිරී ඇත. යෞවන සමාජවල තරුණයන් මෙම දේශපාලනීකරණයට එරෙහිව හඬ නඟන බවත්, එය නැවැත්වීමට ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.