රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින්නැයි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කලේය. රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට මහේස්ත්‍රාත් මංජුල රත්නායක නියෝග කර ඇත. තවද ඔහුගේ විදේශ ගමන් ද තහනම් කරන ලදී.