පා. ම. සාගර කාරියවසම්

වසර 30ක් මේ රටේ යුද්ධයක් තිබුණා. මේ යුද්ධය තියෙන කාලේ රටේ ජනතාව කිව්වේ රටේ නායකයෝ මේ යුද්ධේ ඉවර කරන්නේ නැහැ, මේ යුද්ධෙන් හොරකම් කරනවා කියලා. මේ රටේ ජනාධිපතිවරු හතර දෙනෙක්ට ඒ යුද්ධය අවසන් කරන්න තියා හිතන්නවත් බැරි වුණා.

නමුත් එහෙම රටක යුද්ධයෙන් හොරකම් කරනවා කියන මතය වෙනස් කරලා, යුද්ධය අවසන් කරලා, මේ රටේ ආයේ කිසිම නායකයෙක්ට කිසිම දේශපාලනඥයෙක්ට, කිසිම පුද්ගලයෙක්ට යුද්ධයෙන් හොරකම් කරන්න බැරි පරිසරයක් නිර්මාණය කරපු නායකයා අද මේ රටේ ද්‍රෝහියෙක් කරලා, හොරෙක් කරලා, හංවඩු ගහන්න හදන විකෘතියක් සමාජයේ තියෙනවා.

ඒ වගේම යුද්ධෙට උඩගෙඩි දීපු, යුද්ධෙට ආයුධ දීපු අයට සම්බන්ධකම් පවත්වන අය අද මේ රටේ වීරයෝ වෙලා තියෙනවා. ඒක හින්දා පක්ෂයක් හැටියට අපිට මේ අවස්ථාවේදී විශාල වගකීමක් තියෙනවා. ඒක තමා මේ සමාජයේ ඇති කරනු ලබන විකෘතිය නිවැරදි කිරීම.