පා. ම. අනුර කුමාර දිසානායක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්වූ ධුර කාලෙට අමතරව තවත් දිගු කාලයක් සිටීම සඳහා විවිධ සැලසුම් යොදනවා.

එම නිසා ඔහු සෘජු ආණ්ඩුවේ මැදිහත්වීම මත අද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තිබෙනවා. මැතිවරණයේ ඉදිරි කටයුතු වළක්වාලීම සඳහා මැතිවරණ කොමිසම වෙත වාරණ නියෝගයක් ද ඉල්ලා තිබෙනවා. වර්තමාන ජනාධිපති ධූර කාලය අවුරුදු හයකට වලංගු වන බවත්, අවුරුදු පහෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නැති බවත් ඔවුන්ගේ තර්කයයි.

රනිල් වික්‍රමසිංහට කිසිසේත්ම තව අවුරුද්දක ධූර කාලයක් ලබා ගැනීම සඳහා හැකියාවක් නැහැ.. ඒ නිසා රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ගෝලබාලයින් විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරත්, ජාතික ජන බලවේගය එම කුමන්ත්‍රණත්, රනිල් වික්‍රමසිංහත් එකට තබා පරාජයට පත් කරනවා.

පා. ම. අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>