ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය – බන්දුල ගුණවර්ධන

මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ අපට ප්‍රධාන මූල්‍ය ප්‍රශ්න දෙකක් ඇති බවයි එක නම් රටේ ආදායමට වඩා වියදම වැඩිවීම හා දෙවැන්න නම් රට තුලට පැමිණෙන මුදලට වඩා රටින් පිටට යන විනිමය ප්‍රමාණය වැඩි වීමයි. තව දුරටත් අදහස් දක්වමින් එතුමා පවසා සිටියේ රටේ මූල්‍ය කළමණාකරනය අවුල් වූ විට රට රට විනාශය කරා යනබව අවබෝධයක් ඇති පස් දෙනෙකුවත් දෙසිය විසිපහ තුල ඇතැයි තමන් නොසිතන බවය. ආණ්ඩු ජනප්‍රිය වාදී අයවැය ඉදිරිපත් කර රාජ්‍ය වියදම් ඉහල ගිය නමුත් ඊට සාපේක්ෂව රටේ ආදායම් ඉහල නොගිය නිසා සෑම වතාවකම අයවැය පරතරයක් ඇතිවන බව එතුමා පවසා සිටියේය.

බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>