පා.ම. වසන්ත යාපා බණ්ඩාර

හන්තාන උඩුවෙල, ඌරාගල වතුයායේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට (JEDB) අයත් අක්කර 22ක ඉඩම් ප්‍රමාණයක් එහි ඉහළ නිලධාරීන් විසින් අනීතිකව ව්‍යාජ ඔප්පු සකස් කරමින්, අධිකරණයද නොමග යවමින් පුද්ගලික අංශයට ලබාදීමට දැනටමත් කටු කම්බි ගසා වෙන් කිරීමට එරෙහිව පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා ප්‍රදේශවාසීන් සමග එක්ව උද්ඝෝෂණයක් හන්තාන ඌරාගල ප්‍රදේශයේදී පැවැත්විය.

”මහනුවර දිස්ත්‍රික්කයේ දැවැන්තම වන මංකොල්ලයක්, නැතිනම් ඉඩම් මංකොල්ලයක් සිද්ධ වෙනවා. මේ ඉඩම් මංකොල්ලය සිද්ධ වෙන වෙලාවේ අපිට නිරුපද්‍රිතව ඉන්න පුළුවන්කමක් ඇත්තේ නෑ.

අපි මේ වෙලාවේ මහජන උද්ඝෝෂණයක් කරන්න සූදානම්. මහජන බලය හමුවේ මේක පරාජය කරන්න ඕන. වතු වල ඉන්න මිනිස්සුන්ට ඉඩම් පර්චස් පහක් ලබා දෙන්න කැමති නැති ආණ්ඩුවක්, මේ ජාවාරම්කාරයොන්ට ඉඩම් අක්කර විසි දෙකක් දීලා තියෙනවා.”

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>