පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්

බැසිල් රාජපක්ෂගේ න්‍යාය පත්‍රයට අනුව අපි වැඩ කරන්න ලෑස්ති නෑ. ඕනම මැතිවරණයකට අපි ලෑස්තියි. අපි ජාතික මැතිවරණයක් ඉල්ලපු කට්ටිය. ජනතාවගේ පීඩනය, ප්‍රජාතන්ත්‍රවාදීව පිට කළ හැකි ඉක්මන්ම ක්‍රමය තමයි ජාතික මැතිවරණයක් ලබාදීම. අපි ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම සඳහා අවශ්‍ය වැඩකටයුතු කරමින් ඉන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ හැමදාම හන්දි වල රැස්වීම් කරනකොට, බස් එකෙන් ගෙනල්ලා එකතු කරන සෙනඟ ඉන්නවා. ඡන්ද ගණන් කරනකොට ඡන්ද නැහැ. ඉතින් මේ පාරත් ඔවුන් කලින් පටන් ගත්තා වැඩියි. කෑම කලින් ඉව්වහම පිළුණු වෙනවා, අපි උණු උණුවෙන් තමයි කෑම කන්නේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>